Manusath Derana

Manusath Derana 87th Medical Camp – Health and Social Care

Manusath Derana 87th Medical Camp – Health and Social Care
The 87th Manusath Derana Medical Camp was successfully held on 18th July 2026 at Kottukachchiya Athungoda Isipathana Junior School. The main sponsorship was extended by Leesons Hospital Ragama, while IIHS Higher Education Institute, George Steuart Health Institute, Vision Care Hearing Solutions, Cipla Institute, Meldol Institute, Aqualife Institute, and Link Naturals Institute joined as co-sponsors.

The Puttalam District Secretariat, Divisional Secretariat, Grama Niladhari officers, the Regional Director of Health Services office, doctors, and staff gave their dedicated support to make this program a success.

During the medical camp, free health services were provided to the public including kidney screening, fasting cholesterol and blood sugar tests, lung function tests, body mass index and blood pressure measurement, hearing tests, dental care, gynecology clinics, and counseling programs.

Under the social care initiatives, essential equipment was donated to pregnant mothers and infants, sports equipment and a water filter were provided to the school, and a hearing aid was gifted to a child with hearing impairment.

In addition, for use in regional hospitals, the Regional Director of Health Services office and its staff were presented with Nebulizer Machines and Oxygen Concentrator units.

The 87th Manusath Derana Medical Camp was successfully organized by the Athungoda Grama Sanwardhana Subsidiary Funeral Aid Society.

Manusath Derana remains committed to joining hands with the people to continuously uplift health and quality of life across communities.


මනුසත් දෙරණ 87 වන වෛද්‍ය සායනය – සෞඛ්‍යය හා සමාජ සත්කාරය

2026 ජූලි 18 වන දින කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලයේදී Manusath Derana වෛද්‍ය සායන මාලාවේ 87වන වැඩසටහන සාර්ථකව පැවැත්විය. මෙම උත්සාහය සාර්ථක කිරීමට රාගම ලීසන්ස් රෝහල ප්‍රධාන අනුග්‍රහය දැක්වූ අතර, අයි අයි එච් එස් උසස් අධ්‍යාපන ආයතනය, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනය, විෂන් කෙයාර් හියරින්ග් සොලුෂන්ස් ආයතනය, සිප්ලා ආයතනය, මෙල්ඩොල් ආයතනය, ඇක්වා ලයිෆ් ආයතනය, ලින්ක් නැචුරල් ආයතනය සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා.

මෙම වැඩසටහන සාර්ථක කිරීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සුවිශේෂී දායකත්වය ලබා දුන්නා.

වෛද්‍ය කදවුරේදී ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දුන් අතර වකුගඩු පරීක්ෂණය, නිරාහාර කොලෙස්ටරෝල් හා රුධිරගත සීනි පරීක්ෂණ, පෙනහළු පරීක්ෂණය, ශරීර ස්කන්ධය හා රුධිර පීඩනය මැනීම, ශ්‍රවණ පරීක්ෂණය, දන්ත සායනයක් සහ සුවනාරි සායනයක් පැවැත්වීමත්, උපදේශන වැඩසටහන් සිදු කිරීමත් ඇතුළත් විය.

සමාජ සත්කාරය යටතේ ගැබිණි මව්වරුන්ට සහ බිලිදුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම, පාසලකට ක්‍රීඩා උපකරණ හා ජලපෙරණයක් ලබා දීම, ශ්‍රවණ ඌනතා ඇති දරුවෙකුට ශ්‍රවණ උපකරණයක් ලබා දීම සිදු කරන ලදී.

එලෙසම ප්‍රදේශයේ රෝහල්වල පරිහරණය උදෙසා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත නෙබුයුලයිසර් යන්ත්‍ර (Nebulizer Machine) හා (Oxygen Concentrator) ඔක්සිජන් සන්ධායක යන්ත්‍රයක් ලබාදීම ද මෙහිදී සිදු කරන ලදී.

සංවිධාන ශක්තිය ලබා දුන්නේ ඇතුන්ගොඩ ග්‍රාමසංවර්ධන අනුබද්ධිත අවමංගල්‍යාධාර සමිතියයි.

ජනතාවගේ සෞඛ්‍ය හා ජිවනතත්වය උසස් කිරීමට නිබඳවම ඔබසමග අත්වැල් බැඳගැනීමට මනුසත් දෙරණ සුදානම්.

BE A PART OF THE CHANGE

VOLUNTEER

AND TRANSFORM LIVES